ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය ඉදිරියට ගෙන යන බව ඇමෙරිකා මහජන නියෝජිත මණ්ඩලයේ කතානායිකා නැන්සි පේලොසී පවසනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලය අයුතු ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රටේ ප්රජාතන්ත්රවාදය අවධානමට ලක්ව ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
මෙම දෝෂාභියෝගය ඩිමොක්රටික් පක්ෂයේ බලය සහිත මහජන නියෝජිත මණ්ඩලයේදී සම්මත වුවත් රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවේදී සම්මත වීම අවිනිශ්චිත බවද සදහන්.
මිට පිලිතුරු දෙමින් ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටින්නේ තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ක්රියාත්මක කරන්නේ නම් දැන්ම එය ක්රියාත්මක කරන ලෙසයි.
එවිට සෙනෙට් සභාවේ සාධාරණ නඩු විභාගයක් පැවැත්විය හැකි බවද ඇමෙරිකා ජනාධිපතිවරයා සදහන්කර තිබෙනවා.
The post ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට ගෙන යනබව නැන්සි පේලොසී කියයි appeared first on ITN News.
Post a Comment