Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලිසැර වද්දවා වන අලින් දෙදෙනෙකු ඝාතනය කෙරේ  

Add comments

විදුලිසැර වැදීමෙන් තුන්දෙනෙකු මියගිය පුවතක් වාර්තා වුණේ ඊයේ දිනයේදීයි. විදුලිසැර වද්දවා වන අලින් දෙදෙනෙකු ඝාතනය කර ඇති පුවතක් හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ අතර වන අලි පහරදීමකින් සත්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෙහොරොව්පොතාන දෙමටවැව, වස්සල්ලාගම ගම්මානයේ ගෙවත්තක අදින ලද විදුලි රැහැනක ගැටීමෙනුයි වන අලින් දෙදෙනා මියගොස් තිබුණේ. නිවෙස් හිමියා වන අලි උවදුරෙන් මිදීම සඳහා මෙම විදුලි රැහැන් ඇද තිබෙනවා. හොරොව්පොතාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

මේ අතර මැදිරිගිරිය නව නගරය ගැමුණුපුර ගම්මානයේ පදිංචි කරුවෙකු වන අලි පහරදීමකින් මියගියා. ඔහුගේ නිවස ඉදිරිපිටදීයි වන අලින් පහරදී ඇත්තේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගියේ 69 හැවිරිදි සත්දරු පියෙක්. මීට මාස තුනකට පෙරද මෙම ගම්මානයේ අයෙකු මේ අයුරින් වන අලි පහරදීමකින් මියගිය බව ප්‍රදේශවාසීන් පවසනවා.

 

 

The post විදුලිසැර වද්දවා වන අලින් දෙදෙනෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG