Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ රථ පෙළට මැර ප්‍රහාරයක්  

Add comments

වන්නි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාගේ රථ පෙළට මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

වව්නියාව උලුක්කුලම ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදීයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් මග හරස්කර මන්ත්‍රීවරයාගේ රථ පෙළට පහරදීමට උත්සාහ කිරීමේ දී එය වැළැක්වීමට ගිය මන්ත්‍රී ආරක්ෂකයෙකු ද තුවාල ලබා තිබෙනවා. ඔහු වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණා. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල කිරීමත් සමග පොලීසිය පැමිණෙමින් සිටියදී මැර පිරිස පළාගිය බවයි කාදර් මස්තාන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

 

 

 

The post නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ රථ පෙළට මැර ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG