Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන් රාමනායක මහතා ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන මස 12 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණා. ඒ  එම හඩපටවලින් හෙලි වූ කරුණු අනුව අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවටයි. මෙම නඩුව විභාගයට ගනිමින් සිටින අවස්ථාවේ රන්ජන් රාමනායක මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව සිය ප්‍රකාශය කරමින් ඔහු කියා සිටියේ තමන් කිසිම සාක්ෂිකරුවකුට බලපෑම් කරන්නේ නැති බවයි. විනිසුරුවරුන්ට බලපෑම් කළේ නැති බවත් විනිසුරුවරුන් තමන්ට කතා කළා මිස තමන් ඔවුන්ට කතාකළේ නැති බවත් ඔහු කියා සිටියා. තමන් සතුව හඩපට එක්ලක්ෂ විසිහතර දහසක් තිබෙන බවත් එක්තරා නාලිකාවක් එම හඩපට විකෘති කර විකාශය කරන බවත් රන්ජන් රාමනායක මහතා පැවසුවා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කී ඔහු සති දෙකකට වරක් දින 10 ක් පාර්ලිමේන්තුවට යා යුතු බව කියා සිටියා. තම පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජංගම දුරකතන භාවිත කිරීමටත් ඕනෑම අයෙකු මුණගැසීමටත් තමන්ට හැකි බවයි ඔහු කියා සිටියේ. එහෙත් තමන් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් කරන්නේ නැති බවද ඔහු පැවසුවා. එහිදී විනිසුරුවරයා කියා සිටියේ එම ප්‍රකාශයම සාක්ෂිකරුවන්ට බලපෑමක් වන බැවින් ඇප ලබාදීමට විරෝධය පලවීමට එයම හේතුවක් බවයි. ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

The post රන්ජන් රාමනායක මහතා ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG