Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් කඩිනම් සැළසුම්  

Add comments

ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැළසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකට සහභාගිවූ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු වන්නේ ඉන්දියාවයි. ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සලාකය වැඩිකර ගැනීම  රජයේ සැළැස්ම වී තිබෙනවා. දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම ද රජයේ ඉලක්කයක්. ජන හමුවට පැමිණ සිටි ගම්මිරිස් වගාකරුවන් මුහුණපා සිටින ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමුකළා. සබරගමුව සමන් දේවාලය ආශ්‍රිතව මතුවී ඇති නින්දගම් සහ පාරම්පරික ඉඩම් පිළිබඳ ගැටලුව ද නිරාකරණය කර දෙන ලෙසයි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේ. ජන හමුව නිමාවී ආපසු පැමිණෙන අතරතුරදී ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සමඟ ද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා.

මේ අතර ජනාධිපතිතුමා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ ද සංචාරයක නිරත වුණා. සනී රෝහණ කොඩිතුවක්කු සහ මියුරු භාෂිත ලියනගේ යන මැතිවරණ අපේක්ෂකයින් දෙදෙනා ඇඹිලිපිටිය අනගාරික ධර්මපාල ළමා උද්‍යානය අසල සංවිධානකර තිබූ ජන හමුවකට ද ජනාධිපතිතුමා එක්වුණා. උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව පිළිබඳව ද ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග අදහස් හුවමාරුකර ගත්තා.

රක්වාන ගොඩකවෙල බලවින්න මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවට එක්වූ ජනාධිපතිතුමා විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකර දෙන සිසුන් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමුකළා. අපේක්ෂිකා මුදිතා ප්‍රියන්ති සොයිසා මහත්මියයි ජන හමුව සංවිධානකර තිබුණේ.

අපේක්ෂක අකිල එල්ලාවල සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන් බලංගොඩ මහජන ක්‍රීඩාගනයේදී සංවිධානකර තිබූ ජන හමුවකට ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වුණා. ජනතාව සමග සුහද කතාබහක නිරතවීමට ජනාධිපතිතුමා එහිදී අමතක කළේ නැහැ.

 

The post ප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් කඩිනම් සැළසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG