Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී ගැටුම්  

Add comments

බාලවයස්කාර දැරියන් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේදී බාලවයස්කාර දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර පසුව ඇයගේ මළසිරුර සොයාගනු ලැබුවා. නිවසට කිලෝමීටරයක් පමණ දුරින් ඇයගේ මළසිරුර හමු වූ අතර ඇය ඝාතනය කිරිමට පෙර සමූහ දූෂණයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධියෙන් ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් අධිවේගී මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූවා. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත්වීමත් සමඟ දෙපිරිස අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගත් බවයි වාර්තා වන්නේ. මාර්ගයේ ගමන් ගත් බස්රථ දෙකක් සහ පොලිසියට අයත් වාහන 3 ක් ගිනි තැබීමටයි උද්ඝෝෂකයන් කටයුතු කර ඇත්තේ. සෑම මිනිත්තු 15 කට වරක් ඉන්දියාවේ ස්ත්‍රී හෝ ළමා දූෂණයක් සිදුවන බවයි නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ.

 

 

 

The post ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG