සිරියාවේ රෝහලක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්නයේ අසාස් ප්‍රදේශයේයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. අසාද්‍ය තත්ත්වයේ පසුවූ පුද්ගලයන් 15 දෙනෙකු තුර්කි පාලන ප්‍රදේශයේ පිහිටා ඇති රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ දිනයේදී එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන මොහොතකයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
The post සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.
Post a Comment