සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට අවසන් වී තිබෙනවා.
ආසන 250 කට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදහා සිරියාවේ ඊයේ දිනයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී ඇති බවයි සිරියා මාධ්‍ය සඳහන් කරන්නේ. රජයේ පාලන ප්‍රදේශවල පමණක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබූ අතර එම ප්‍රදේශවල පිහිටුවා තිබූ මුළු ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව හත්දහසකට අධිකයි. කෙසේ වුවද පසුගිය කාලයේ කැරළිකරුවන් සතුව තිබූ පාලන ප්‍රදේශවලද රජයේ හමුදා බලය අත්පත් කර ගත් හෙයින් එම ප්‍රදේශවල ජනතාවටද තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. වසර 20 ක් පුරා ජනාධිපති ධූරය හොබවන වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් ගේ පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා.
The post සිරියා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් appeared first on ITN News.
Post a Comment