මහරගම ඇතුලු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ හත්වන අගහරුවාදා පෙරවරු නවයේ සිට අටවනදා පෙරවරු නවය දක්වා.
කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීමයි ඊට හේතුව. ඒ අනුව මහරගම , බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. පැලැන්වත්ත, මත්තේගොඩ , හෝමාගම, මීපේ සහ පාදුක්ක ප්‍රදේශද ඊට ඇතුලත්.
The post මහරගම ඇතුලු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් appeared first on ITN News.
Post a Comment