ත්රිරෝද රථ ගමන් ගාස්තු අඩුනොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බව ජාතික ත්රිරෝද රථ සංගමය ප්රකාශ කළා.
පෙරේදා සිට ගාස්තු අඩුකිරිමටයි තීරණය වුණේ. එහෙත් තවමත් ඇතැම් ත්රිරෝද රථ රියදුරන් වැඩි ගාස්තු අයකරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කිරිමට නියමිත බවයි ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ කැදවුම්කරු සුදිල් ජයරුක් මහතා ප්රකාශ කළේ.
පලමු කිලෝමිටරයට අයකළ රුපියල් 60 ගාස්තුව රුපියල් 50 ක් දක්වා අඩුකිරිම එක් තීරණයක්. දෙවැනි කිලෝමීටරයේ රුපියල් 45 ගාස්තුව රුපියල් 40 දක්වා අඩුකිරිමට ද තීරණය කර තිබෙනවා.
The post ත්රිරෝද රථ ගමන් ගාස්තු අඩුනොකරන පුද්ගලයන්ට එරෙහිව පියවර appeared first on ITN News.
Post a Comment