මඟී ප‍්‍රවාහන බස් රථවල නලා නාද කිරීම කිසිදු ප‍්‍රමිතියකින් තොරව සිදුවන බවට ප‍්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා.
එවැනි පුද්ගලයන්ට එරෙහිව මෝටර් රථ ප‍්‍රවාහන පනතේ සහ ජාතික පරිසර පද්ධතියේ වගන්ති වලට අනුව දැඩිව කි‍්‍රයාකරන බවයි මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. මේ පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සෑම මෝටර් රථයකම නලා වලින් නිකුත් වන ශබ්දය අවසරලත් ශබ්ද මට්ටම වියයුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ. එසේ නොවන්නේ නම් නීතිමය පියවර ගත හැකි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට යෝජනාවී තිබෙනවා.
The post මඟී ප‍්‍රවාහන බස් රථවල නලා නාද කිරීම කිසිදු ප‍්‍රමිතියකින් තොරව සිදුවන බවට පැමිණිලි appeared first on ITN News.
Post a Comment