Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙබරවාරි 03 වැනිදා කොළඹ පාසල් 15කට නිවාඩු  

Add comments

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති පරිදි 2020 පෙබරවාරි 04 වැනි දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු 2020-02-03 වැනි දින උදෑසන සිට සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා ඇති පහත නම් සඳහන් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

1- ඩී එස් සේනානායක විද්‍යාලය – කොළඹ

2- රාජකීය විද්‍යාලය – කොළඹ

3- තර්ස්ටන් විද්‍යාලය – කොළඹ

4- යශෝධරා විද්‍යාලය – කොළඹ

5- මියුසියස් විද්‍යාලය – කොළඹ

6- සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය – කොළඹ

7- Lady’s College – Colombo

8- Colombo International School – Colombo

9- Wycherley International School – Colombo

එමෙන් ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය(කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව)ජනවාරි 30 ප.ව. 2.00 සිට පෙබරවාරි 4 සවස 5 දක්වා ද, කොළඹ 12 – මිහිදු මහා විද්‍යාලය, කොළඹ 10 – අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10-අශෝක විද්‍යාලය වෙත2020 පෙබරවාරි 03 පෙරවරු 9.00 සිට පෙබරවාරි 04 වැනි දා රාත්‍රිය වන තෙක් ද නිවාඩු ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙසේ නිවාඩු ලබා දීම නිසා සිසුන්ට මඟහැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙස ද සියලු පාසල් ප්‍රධානීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

The post පෙබරවාරි 03 වැනිදා කොළඹ පාසල් 15කට නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG