Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනය කිරීම අද සිට  

Add comments

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනය කිරීම අද ආරම්භ කෙරුණා.

මෙම දුම්රිය මීට පෙර ධාවනය කෙරුණේ දින දෙකකට වතාවකුයි. දෙනුවර මැණිකේ දුම්රිය සෑම දිනකම උදෑසන 6.45ට ගමන් ආරම්භ කර පස්වරු 4.00ට බදුල්ල දුම්රිය ස්ථානයට ලගා වීමට නියමිතයි. බදුල්ලෙන් ද උදෑසන 6.45ට ගමන් ආරම්භ කරන එම දුම්රිය කොළඹ කොටුවට පැමිණෙන්නේ පස්වරු 3.30ටයි. වායු සමීකරණය කළ පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක් සහ භෝජනාගාරයකින් දුම්රිය සමන්විතයි.

 

 

The post දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනය කිරීම අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG