නාවික යාත්‍රා ආරක්ෂා කිරීම සඳහා බලකායක් පිහිටුවීමට ජපන් රජය යෝජනා කර තිබෙනවා.
ජපන් අග්‍රාමාත්‍ය ශින්ශෝ අබේ මහතා මෙම යෝජනාව සිදු කිරීමත් සමඟ දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇතිවුණා. ඊට හේතුව වන්නේ ජපන් ව්‍යවස්ථාව මඟින් හමුදාවක් පවත්වාගෙන යාම සඳහා අවකාශ නොතිබීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට හමුදාවක් පවත්වාගෙන යාමට අවකාශ ලබා නොදීමටයි කටයුතු කෙරුණේ. ජපානයේ ආරක්ෂාව සිදු කෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මිත්‍ර රටවල මැදිහත් වීම මතයි. එබැවින් ජපානය ස්වාධීන ආරක්ෂක බලකායක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
The post නාවික යාත්‍රා ආරක්ෂා කිරීම සඳහා බලකායක් පිහිටුවීමට ජපන් රජයෙන් යෝජනාවක් appeared first on ITN News.
Post a Comment