ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති මැදපෙරදිග සැලැස්ම පිළිනොගන්නා බව අරාබි ලීගය පවසනවා.
පලස්තීන ජනතාවගේ අවම අයිතිවාසිකම් හා අපේක්ෂාවන් මෙම සැලැස්ම මඟින් ඉටු නොවන බැවින් ඊට විරෝධය පළකරන බවයි අරාබි ලීගයේ නායකයන් පවසා ඇත්තේ. ඊජිප්තුවේ අගනුවර පැවති හදිසි රැස්වීමකදී අරාබි ලීගයේ නායකයන් මෙම තීරණය ගෙන තිබෙනවා. ට්‍රම්ප්ගේ මැදපෙරදිග සැලැස්ම සාධාරණ සාම ගිවිසුමක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පිටු 181කින් යුත් යෝජනාවක් මැද පෙරදිග සැලැස්ම වශයෙන් පසුගිය සතියේ ධවල මන්දිරයට ඉදිරිපත් කළා. ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ උවමනාව ඉටු කරන බවට අරාබි ලීගයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.
The post ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති මැදපෙරදිග සැලැස්ම පිළිනොගන්නා බව අරාබි ලීගය පවසයි appeared first on ITN News.
Post a Comment