Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයට නව අගමැතිවරයෙක්  

Add comments

ඉරාකය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කර තිබෙනවා. ඒ මාස 4 ක පමණ කාලයක් පැවති උද්ඝෝෂණ ව්‍යාපාරවලින් පසුවයි.

මොහොමඩ් තවුෆික් අල්ලවියි නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර  ඇත්තේ. ඔහු ඉරාකයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස මින් පෙර නම් කළා. ජනාධිපති බරහාම් සලී මෙම නම් කිරීම සිදුකර තිබෙනවා. ඉරාකයේ හිටපු අග්‍රාමාත්‍ය අබ්දෙල් අබ්දුල් මහදි පසුගිය නොවැම්බර් මාසයේ දී සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා. ඉන්පසු රජයට එරෙහිව මහා පරිමාණ උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වූ අතර උද්ඝෝෂකයන් සිය ගණනක් ඇතිවූ ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්වුණා. ඉදිරි මාසය තුලදී නව අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.

 

 

 

The post ඉරාකයට නව අගමැතිවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG