Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීරිගම පෞද්ගලික ඉඩමක අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජාවාරමක්  

Add comments

මීරිගම ලෝලුවාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මහාපරිමානයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජාවාරමක් සිදු වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. නිසි ප්‍රමිතියකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන්  රෝග බෝවීම ඇතුළු ගැටළු රැසකට මුහුණදීමට ප්‍රදේශවාසීන්ට සිදුව තිබෙනවා.

මීරිගම ලොලුවාගොඩ මහවත්ත  ප්‍රදේශයේ ඉඩමකටයි මෙලෙස අපද්‍රව්‍ය බැහැර කොට තිබෙන්නේ. රෝහල් අපද්‍රව්‍ය ද ඒ අතර වන බැවින් දැඩි පාරසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිව තිබෙනවා. මෙම ඉඩමේ හිමිකරු පළාත් පාලන ආයතනවලින් ටෙන්ඩර් ලබාගෙන මෙලෙස අපද්‍රව්‍ය බැහැර කරන බවටයි හෙලිවී තිබෙන්නේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය එම ස්ථානයේ පුලුස්සන ආකාරයයි මේ.

ඊට විරෝධය පල කළ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට ඉඩමේ කිහිපය දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් පිරිසක් පහරදී තිබෙනවා. ඔවුන් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.  මෙම ස්ථානය අසලින් මාඔය ගලා බසින අතර එම ඔයට අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇති ආකාරය දැකගත හැකියි. ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු ඇති වී ඇති බවද ප්‍ර දේශවාසීන් පෙන්වා දෙන්නේ.

The post මීරිගම පෞද්ගලික ඉඩමක අපද්‍රව්‍ය බැහැර කිරීමේ ජාවාරමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG