යාපනය පුන්කුඩුතිව් මුහුදු ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 300ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
යාපනය පුන්කුඩුතිව් මුහුදු තීරයේදී යාත්‍රාවක තිබී කේරල ගංජා සොයාගත්තේ නාවික හමුදාව විසිනුයි. යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. මේ සම්බන්ධයෙන් කළ පරික්ෂාවේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. සැකකරුවන් සහ කේරල ගංජා තොගය යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර කෙරුණා. සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
The post කේරල ගංජා සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment