Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සිට සිසුන් ගෙන ආ ගුවන් යානය පැය 3ක පිරිසිදු කිරීමකින් පසු කටුනායකට  

Add comments

 චීනයේ වූහාන් නුවර  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන් ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානය පැය 3ක පිරිසිදු කිරීමකින් පසු  කටුනායක ගුවන් තොටුපළ වෙත  පස්වරුවේ පැමිණියා.
එය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1423 දරන ඒ.- 330 – 243 වර්ගයේ එයා බස් ගුවන් යානයකි.
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වීමෙන් පසු විශබීජ නාශක දියර යොදා ගනිමින් පිරිසිදු කර, ගුවන් යානය තුළ විශබීජ හරණය කිරීමෙන් අනතුරුව පැය 03 ක් ගුවන් තොටුපළ තුළ වසා දමා තිබුණි.
පසුව මෙම ගුවන් යානය අද (01) දහවල් 12.48 ට මත්තල ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර , එය පස්වරු 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය .

 

The post චීනයේ සිට සිසුන් ගෙන ආ ගුවන් යානය පැය 3ක පිරිසිදු කිරීමකින් පසු කටුනායකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG