චීනයේ සිටි ශ‍්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒමේදී අවදානම නොසලකා කටයුතු කළ සියලු නිලධාරින්ට ප‍්‍රසාදය පළකරන බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අංශ ඇතුලු ඊට දායකවූ සියලු ක්ෂේත‍්‍රවල නිලධාරීන්ගේ සේවය ඉතා අගය කරන බවයි අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ. ශ‍්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඉහල මට්ටමේ රාජ්‍යතාන්ත‍්‍රික සබදතා හේතුවෙන් ශ‍්‍රී ලාංකික සිසුන් කඩිනමින් ආරක්ෂිතව රැගෙන ඒමට හැකිවූ බව ද පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නා.
පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මේබව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
The post අවදානම නොසලකා කටයුතු කළ සියලු නිලධාරින්ට රජයේ ප‍්‍රසාදය appeared first on ITN News.
Post a Comment