ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැතිරී යන ලැව්ගිනි පාලනය කිරීම තවමත් අපහසු වී ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මුලදී අපේක්ෂා කළ තරම් හානියක් ලැව්ගිනි වලින් ඇති නොවන බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් කැන්බරා හි ජනතාව අවදානම් සහිත ප්‍රදේශවලින්ඉවත් කිරීම සිදුවුණා. ලැව්ගිනි තවමත් ප්‍රබල තත්ත්වයේ ඇත්තේ දකුණු දිග ප්‍රදේශයේයි. එහි භූමි ප්‍රදේශයෙන් 20% ක් පමණ ලැව් ගින්නෙන් දැවී ගියා. පවතින දැඩි වියළි තත්ත්වය සහ සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහස් තත්ත්වයක් ඇතිවුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇතිවන ලැව් ගිනි වලින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවතක්ෂයට පත්වී තිබෙනවා. තවත් දහස් ගණනක් අවතැන් වුණා. හෙක්ටාර් මිලියන 11 ක භූමි ප්‍රදේශයක් ද ගින්නෙන් විනාශ වුණා. නමද්ගි නමැති ජාතික වනෝද්‍යානයේ මේ වන විටත් ලැව්ගිනි පවතින බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ මේ වන විටත් ලැව්ගිනි 73ක් පමණ සක්‍රියව පවතිනවා. ගිනි නිවන භටයන් ලැව්ගිනි පාලනය කිරීම සඳහා උත්සාහ ගත්ත ද එය සාර්ථක කර ගැනීම අතිශයින් දුෂ්කර වී තිබෙනවා.
The post කැන්බරාවේ ලැව්ගිනි appeared first on ITN News.
Post a Comment