Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් 50ක අවම මුදලකට වී මිලදී ගැනීම රජය අරඹයි  

Add comments

2019/2020 මහ කන්නයේදී රජය වී මිලදී ගැනිම වැඩසටහන යටතේ වී  කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 අවම මුදලකට මිලදී ගැනිමට රජය ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මැතිතුමාගේ රටහදන සෞභාග්‍යෙය් දැක්මට අනුව පළමු වරට තෙතමනය සහිත වී රජය මිලදී ගැනිමට කටයුතු කර තිබෙනවා. මිට පෙර පළමු කන්න වලදී රජය විසින් මිලදී ගෙන තිබෙන්නේ තෙතමනය 14%ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණයි. මෙවර උපරිම තෙතමනය 22%ක් දක්වා ප්‍රමිතියෙන් වී මිලදී ගැනිමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ ආරම්භක පියවර සඳහා රුපියල් මිලියන 3830ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහභාණ්ඩාගාර පියවර ගෙන තිබෙනවා.

මේ අතර මහකන්නයේ වී මිලදී ගැනිම සම්බන්ධව වී අලෙවි මණ්ඩල නිළධාරින් හා රජ්‍ය නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් මහනුවර දී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මෙහිදි අදහස් පළ කළා.

 

The post රුපියල් 50ක අවම මුදලකට වී මිලදී ගැනීම රජය අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG