Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථයක් පෙරලීමෙන් 04 දෙනෙකුට තුවාල  

Add comments

බද්දේගම අගලිය ප්‍රදේශයේදී  බස් රථයක් පෙරලීමෙන් 04 දෙනෙකු තුවාල ලැබුවා.

බද්දේගම සිට අගලිය හරහා ඇල්පිටිය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ.  ඉනිමංකඩ පාලම අසලදී එය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා. රියදුරු සහ කොන්දොස්තර බසය නතර කර බිමට බැස සිටි අවස්ථාවකයි එය පෙරලී ඇත්තේ. බස් රථය අසල ගසක ගැටී නතරවීම නිසා  එය අඩි 25 ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් වැලකී සිටියා.

අනතුරෙන් එහි ගමන් කළ කාන්තාවන් තුන් දෙනෙකු සහ අගලිය පොලීසියේ සැරයන්වරයකුයි තුවාල ලැබුවේ.තුවාලකරුවන්  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර බද්දේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

The post බස් රථයක් පෙරලීමෙන් 04 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG