මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්වුණා.
මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ඔහුට වකුගඩු බද්ධ කිරීමක් ද සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. ඔහුගේ දේහය කොටිකාවත්ත සුසාන භූමියේදි ආදාහයන කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මෙලෙස මියගියේ මාරවිල හාල්පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි ධර්මසිරි ප්‍රනාන්දු නමැති එක්දරු පියෙක්.
මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයෙන් IDH රෝහල වෙත යවා ඇති කොරෝනා ආසාදිත පුද්ගලයා ව්‍යාපාරිකයෙක්. මොහොමඩ් සාරුක් නමැති ඔහු ඉන්දියාවට ගොස් නැවත ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි. අනතුරුව ඔහු අවට නිවාස ගණනාවකට ගොස් ආහාර මළු බෙදා දී තිබෙනවා. ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සව දෙකකට ඔහු සහභාගී වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහුගේ නිවසට ගමන්ගන්නා මාර්ගය වසා දමා අවට නිවාස 13 ක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
මේ අතර විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටිනවා. රාගම ශික්ෂණ රෝහලෙහි විෂබීජ හරණ වැඩසටහන් නාවික හමුදාව ක්‍රියාත්මක කළේ ඊයේ දෙවන දිනටයි.
The post මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment