කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම සදහා දෙස් විදෙස් බොහෝ පාර්ශ්ව ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා වෙළද සංවර්ධන සභාව රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් ගිලන් රථ දෙකක් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළා.
ශ්‍රී ලංකා වෙළද සංවර්ධන සභාවේ විධායක සභික මංජුල හේවාවසම් මහතා රුපියල් මිලියන 50 කට අධික උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනැමුවා. දැඩි සත්කාර පහසුකම් සහිත නවීනතම ගිලන්රථ දෙකක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත්. එමෙන්ම නවීන පහසුකම්වලින් යුත් රෝහල් ඇදන් 25 ක් ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දුන්නා. එම භාණ්ඩ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සදහා මැදිහත්ව කටයුතු කළේ විජයදාස රාජපක්ෂ මහතායි.
මේ අතර හුවාවි සමාගමද රුපියල් මිලියන දෙකකට වැඩි වටිනාකමකින් යුතු සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද භාර දුන්නා. මුඛ ආවරණ, අත්වැසුම් ඇතුළු භාණ්ඩ තොගයකුයි එම සමාගම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දුන්නේ.
The post රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ appeared first on ITN News.
Post a Comment