තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදීයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ. සිරියා ප්‍රහාරක ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ලකර තිබෙනවා. සිරියා රාජ්‍ය ප්‍රවෘත්ති අංශය ප්‍රකාශ කළේ එරට වයඹ දෙසින් ඇති ගුවන් සේවා මේ වන විට වසා දමා ඇති බවයි. පසුගිය සතියේ සිරියාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි භටයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙය ඊට ප්‍රතිප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිරියාවට එරෙහි මෙහෙයුම් දිගටම සිදුකරන බව තුර්කිය කියා සිටිනවා.
The post තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment