ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික දළදා මාලිගයේදී අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.
දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනුයි. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේදී ජනාධිපතිතුමා රන්ගිරි දඹුලු මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ ද වැඩම කර සිටියා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

The post ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.
Post a Comment