පසුගිය පැය 24 තුළදී ද මෙරටදී කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වුණේ නැහැ.
මේ වන විට රෝගීන් 106 දෙනෙකු හඳුනා ගැනුණු අතර 7 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 99 ක්.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 88 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 10 දෙනෙකු හා මුල්ලේරියාව මුලික රෝහලේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 238 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ.
වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 25ක්. කලුතර දිස්ත්‍රික්කයෙන් සොයාගත් රෝගීන් සංඛ්‍යාව 15 ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ 10 දෙනෙකු හා පුත්තලම දිස්ත්‍රික්කයේ රෝගීන් 9 දෙනෙකු හමුවුණා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවු රෝගීන්ගෙන් 33% ක් වයස අවුරුදු 41 ත් 50 ත් අතර සීමාවේ පසුවන්නන්. එමෙන්ම රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් පිරිමි අය වීම විශේෂත්වයක්. එය ප්‍රතිශතයක් ලෙස 68%ක් වනවා.
The post පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නැහැ appeared first on ITN News.
Post a Comment