කුඩා තේ වතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් සදහා විශේෂ සහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප‍්‍රකාශ කළා.
නියඟයෙන් හානියට පත් වගාවන් සදහා පැළ ලබාදීම මෙන්ම ඉදිරියේදී සහන ණය වැඩසටහනක්ද ක‍්‍ර‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
මේ අතර ගිරාදුරුකෝට්ටේ ප‍්‍රදේශයේ මහවැලි ගම්මාන 17 ක දුගී පවුල් 2000කට වියළි ආහාර මල්ල බැගින් ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ආහාර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18ක් . ප‍්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ හා ධානපතියන් ලබාදුන් ආහාර මෙලෙස නිවෙස්වලට අද (28) උදෑසන බෙදා දුන් බවයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය ප‍්‍රකාශ කළා.
The post කුඩා තේ වතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා විශේෂ සහන වැඩපිලිවෙලක් appeared first on ITN News.
Post a Comment