Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ 30,890ක් දක්වා ඉහළට  

Add comments

අද වන විට සමස්ත ලෝකයේම වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස් එකසිය අනූ දෙක ඉක්මවනවා.  මරණ සංඛ්‍යාව 30890 ක්. රෝගීන් එක්ලක්ෂ හතලිස් දෙදහස් තුන්සිය හැට හතර දෙනෙකු සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

කොරෝන වෛරසය ආරම්භය සිදු වූ චීනයද අභිබවා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන්නේ ඇමෙරිකාවෙනුයි. තත්ත්වය එසේ පැවතියද ඇමෙරිකා ජනාධිපති ඩොන්ජඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය නිරෝධායනයට ලක් නොකළ යුතු බවයි. ඉදිරි දින 14 ත් 21 ත් අතර කාලය වන විට තත්ත්වය උග්‍ර විය හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

දෙවනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  ඉතාලියේයි. පසුගිය  පැය 24 තුළ මරණ 889 ක් ඉතාලියෙන් වාර්තා වුණා. අඩුආදායම් ලාභීන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන නගරාධිපතිවරුන් මගින් වවුචර පත් නිකුත් කිරීමට සූදානම් බව ඉතාලි අගමැතිවරයා ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර දින දෙකක කාලයක් වසා තැබීබමට ස්පාඤ්ඤ බලධාරීන් තීරණය කර තිබෙනවා. හෙට දිනයේ සිට එම වෙළදසැල් වසා තැබෙනු ඇති. නිවෙසේ සිට කාර්යාලීය වැඩ කටයුතු සිදු කළ නොහැකි පුද්ගලයන්ට පමණක් කාර්යාලයට යාමට ස්පාඤ්ඤ බලධාරීන් අවසර ලබා දී තිබෙනවා.

දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. වෛරසය ආසාදිත පුද්ගලයන් හදුනාගැනීම, පරික්ෂා කිරීම හා ඉක්මනින් ප්‍රතිකාර කිරීම මගින් මෙම රෝගය දකුණු කොරියාව තුළ පාලනය කර ගත හැකි වූ බවයි එරට බලධාරීන් පවසන්නේ. කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාව තුලද පහත යමින් පවතිනවා. එහෙත් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ. ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු වුවද පැතිර යාමේ අවදානම පහව ගොස් නැති බැවින් විමසිලිමත් වන ලෙසයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ.

ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අගහරුවාදා සිට දින 21 ක් සමස්ථ ඉන්දියාවම වසා තැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. ඒ හේතුවෙන් දුගී ජනතාව තමන් රැකියා කළ ප්‍රදේශවල සිට දුර බැහැර පිහිටි නිවෙස් වෙත පයින්ම ගමන් කළ බවයි වාර්තා වුණේ. බ්‍රිතාන්‍යය තුළ කොරෝනා මරණ 20000 දක්වා අවම කර ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. තත්ත්වය භයානක වුවහොත් ජුනි මස වන තෙක් බ්‍රිතාන්‍ය වසා දැමීමට තීරණය කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ  කළා.

 

The post ලොව පුරා කොරෝනා මරණ 30,890ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG