චීනයේ ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයන් 45 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකුම විදේශවලින් පැමිණි පුද්ගලයින් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් හයලක්ෂ හැට තුන් දහස් හත්සිය හතලිහක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව තිස් දහස් අටසිය හැත්තෑ නවයක් වනවා. එක්ලක්ෂ හතලිස් දෙදහස් එකසිය අසූ තුන් දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබා තිබෙනවා.
මේ වන විට ලොව පුරා රටවල් 200 කට වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. කෙසේ වෙතත් චීනයේ මේ වන විට විදේශ රටවලින් පැමිණෙන පිරිස තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
The post චීනයේ ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාදිතයන් 45ක් appeared first on ITN News.
Post a Comment