මෙරට පළමු කොරෝනා රෝගී මරණය අද (28) පස්වරුවේ සිදුවුණා. මාරවිල ප්‍රදේශයේ පදිංචි ඔහු 60 වන වියේ පසුවුණා.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සිටියදී මෙම පුද්ගලයා මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සදහන් කරනවා.
මියගිය පුද්ගලයාට වසර කිහිපයකට පෙර වකුගඩුවක් බද්දකර තිබෙනවා. එමෙන්ම ඔහු දියවැඩියාව අධි රුධිර පීඩනය යන රෝගවලින් පෙළෙනු අයෙකු බව සදහන්.

The post ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment