මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර් දහසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
වසර ගණනාවක සිට සංවර්ධන කටයුතු සිදු නොකෙරුණු මාර්ග මෙලෙස සංවර්ධනය කෙරෙනවා. මේ යටතේ වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. එම මාර්ගය කලක සිට අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබුණා. මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වුණා.
The post වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර් දහසක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment