බණ්ඩාරගම, අටුළුගම කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
සුවසැරිය ගිලන් රථයෙන් නාගොඩ මහ රෝහල හරහා පිටත් කළ බව බණ්ඩාරගම සෞබ‍්‍ය වෛද‍්‍ය කාර්යාලය පවසනවා.
ඩුබායි සිට පසුගිය 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය කාර්යාලය සදහන් කළේ.
එම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට හඳුනා ගැනුණා.
එබැවින් බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ(27) දින සිට සම්පුර්ණයෙන්ම හුදකලා කර තැබීමට පියවර ගෙන තිබෙනවා.
The post අටුළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරියත් රෝහලට appeared first on ITN News.
Post a Comment