කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.
රට තුළ පැතිර යන ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් දියත් කරමින් සිටින අතර, එම ඒකකය විසින් ඊයේ (27) වන දින කොළඹ, මැනිං වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් කොළඹ මැනිං පොදු වෙළඳපොළේ කටයුතු පවත්වාගෙන යාමට රජය විසින් තීරණය කර ඇති බැවින් එහි වෙළදාම් කටයුතු සිදු කරන සහ පිටතින් පැමිණෙන වෙළදුන්ගේ ආරක්‍ෂාව සඳහා මෙම විෂබීජහරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
ඉදිරියේදීද විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.
The post කොළඹ මැනිං පොදු වෙළඳපොළ විෂබීජහරණයට appeared first on ITN News.

Post a Comment