Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරටට ආවේණික සතුන් රැගෙන යාමට උත්සාහ දැරූ රුසියා ජාතිකයන් තුන් දෙනෙකු රිමාන්ඩ්  

Add comments

සතුන් සහ ශාක කොටස් නීතිවිරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රුසියා ජාතිකයන් තුන් දෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ දී අල්ලාගත් විශේෂ ඛාන්ඩ 23 කට අයත් සතුන් 550 දෙනෙකු සහ ශාක කොටස් ඒ අතර වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. දැනට මෙරටින් වඳවියාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන් , ගෝනුස්සන් , ගෙම්බන්, සර්පයන් ඇතුළු සත්ව විශේෂ රැසකට අයත් සතුන් ඊට අයත්.

විශේෂ බහාලුම් තුළ සඟවා ඔවුන් මෙරටින් රැගෙන යාමට උත්සාහ කිරිමේදි වනෝද්‍යාන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය නොගිය සතුන් නිදහස් කිරිමටත් , අනෙකුත් සතුන් කෞතුකාගාර වෙත යැවීමටත් අධිකරණය එහිදි නියෝග කළා.

ශාක කොටස් පේරාදෙණිය උද්භිද උද්‍යානයට භාරදිමටයි නියමිත. සතුන් අල්ලා ගැනිමට භාවිත කරන ලද රසායන ද්‍රව්‍ය හදුනා ගැනිම සදහා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

The post මෙරටට ආවේණික සතුන් රැගෙන යාමට උත්සාහ දැරූ රුසියා ජාතිකයන් තුන් දෙනෙකු රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG