ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් කොරෝනා මරණ දහස ඉක්මවා තිබෙනවා.
පවතින තත්ත්වයත් සමඟ සමාජ දුරස්ථභාවය සඳහා හඳුන්වා දුන් නව නීති ලබන මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. ඇමෙරිකා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවිය හැකි බවයි. කොරෝනා මරණවල උපරිම මට්ටම ඉදිරි සති දෙක තුළ උදාවිය හැකි බව ධවල මන්දිරයේදී වාර්තාකරුවන් පිරිසක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
එබැවින් රජය නියම කර ඇති නීතිරීති තදින් පිළිපදින ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දෙනවා. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්‍ෂ තිස්දහස ඉක්මවා ඇති බව සඳහන්. මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාව දෙදහස් හාරසියය ඉක්මවා තිබෙනවා.
The post නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් කොරෝනා මරණ දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment