කොරෝනා වයිරස් ව්‍යප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිං පිං සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදු වූණා.
වයිරසය පාලනය කිරීම සදහා චීන අත්දැකීම් උපයෝගී කරගන්නා බවයි ඇමරිකා ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.
මේ අතර අප‍්‍රිකානු කළාපයේ රටවල් 34 කින් කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. වැඩිම පිරිසක් වාර්තා වන්නේ දකුණු අප‍්‍රුිකාවෙන්. එ රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 927 ක් . පවතින තත්වය හමුවේ වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට එරට සම්පූර්ණයෙන්ම අක‍්‍රීය කිරීමටයි දකුණු අප‍්‍රිකාව පියවර ගෙන තිබෙන්නේ.
The post චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment