සමස්ත රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් ලබා දෙමින් තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 225ක් වන සේවක පිරිස තම දිනක වැටුප කොරෝනා මර්ධන අරමුදලට යෙදවීමට තීරණය කර තිබෙනවා .
ඊට අදාළ ලේඛන සඳහා අත්සන් තැබීම අද සිදුවුණා.
තවලම ප්‍රාදේශීය ලේකම් ධම්මික වීරකෝන් මහතාගේ අදහසකට අනුව මෙම කාර්යය ආරම්භ කෙරුණා.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ රට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ රට ගැන සිතා තම සේවක මණ්ඩලය මෙම තීරණය ගත් බවයි ඒ මහතා සදහන් කළේ.
මෙම කාර්යය සඳහා සියලු දෙනාගේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
The post රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් – තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් දිනක වැටුප පරිත්‍යාග කරයි appeared first on ITN News.
Post a Comment