කොරෝනා වයිරසයට එරෙහිව කි‍්‍රයාත්මකවීම සඳහා සියලු රට වලට සහය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.
ලොව සෑම කලාපයකටම එය ව්‍යාප්තවී තිබෙනවා. අපි‍්‍රකාවට ද දැඩි බලපෑම් එල්ලවුණා. ඒ අනුව අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.
මේ වනවිටත් ගෝලීය අර්බුදයක් ලෙස හදුනාගෙන ඇති කොරෝනා හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. යුරෝපා කලාපයේ වැඩිම හානි සිදුව තිබෙන්නේ ඉතාලියට. ස්පාඤ්ඤයටත් බරපතල තත්වයක් මතුව තිබෙනවා. නිව්යෝර්ක් සහ නිව් ජර්සි සඳහා සති දෙකක නිරෝධායන කාලයක් ප‍්‍රකාශයට පත්කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අවධානය යොමුවුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත්වීමයි ඊට හේතුව.
නිව්යෝර්ක් වලට මුහුණු ආවරණ දෙලක්ෂ පනස් දහසක් ලබාදීමට ජගත් සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා. ඊශ‍්‍රායලය ද පුද්ගලයන් දස දෙනෙකුට වඩා රැස්වන හමුවීම් තහනම් කළා.
ලබන මස මුල් දින 15 දැඩි ලෙස අවධානය යොමු කළයුතු කාලයක් ලෙස සැලකෙන බවයි ප‍්‍රංශ බලධාරින් පවසන්නේ. බි‍්‍රතාන්‍යයේ තවත් කැබිනට් සාමාජිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. සියලු දේශසීමා වසාදමන බවයි රුසියාව ප‍්‍රකාශ කළේ.
The post ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සියලු රටවලට සහාය appeared first on ITN News.
Post a Comment