ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහනේ පළමු නිවස පිරිනැමුණා. ඒ අත්තනගල්ලේදීයි.
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් ලබාදීමයි මෙහිදී සිදු කෙරෙන්නේ. ඒ නිවසක් නොමැති අඩු අදායම්ලාභීන් අතරින් තෝරාගත් පවුලක් වෙනුවෙනුයි. මේ යටතේ අත්තනගල්ල ඕවඩ්වත්ත පහළ ග්‍රාමසේවා වසමේ ඉදි කෙරුණු නව නිවස අදාළ පවුල වෙත භාර දීම සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් ලක්ෂ 12 ක් පමණ වැය කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post “ඔබට ගෙයක් – රටට හෙටක්” පළමු නිවස පිරිනැමේ appeared first on ITN News.
Post a Comment