රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීම වෙනුවෙන් උපහාර උත්සවයක් මහනුවරදී පැවැත්වුණා. ඒ තිස් වසරක මහින්දානන්දය නමින්.
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීමේ උපහාර උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.තිස් වසරක මහින්දානන්දය ග්‍රන්ථය මහාසංඝරත්නයට, ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිරිනැමීම මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු කෙරුණා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය මාදුටු මහින්දානන්ද මැයෙන් දේශන පැවැත්වුවා. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
The post රාජ්‍ය අමාත්‍ය මහින්දානන්දට උපහාර පිදේ appeared first on ITN News.

Post a Comment