Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් යාත්‍රාවලින් මෙරට මුහුදු තීරයේ සිදුකෙරෙන මසුන් ඇල්ලීම් නතර කිරීමට පියවර  

Add comments

විදෙස් යාත්‍රාවලින් මෙරට මුහුදු තීරයේ සිදුකෙරෙන මසුන් ඇල්ලීම් සම්පූර්ණයෙන්ම නතරකර දැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

දික්ඕවිට ධීවර වරාය ආසන්නයේ උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් පිරිසක් හමුවූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට එකඟතාව පළකළා. විදේශ යාත්‍රාවලින් සිදුකෙරෙන මසුන් ඇල්ලීම් හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා හිමියන් හා ධිවරයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි ඔවුන් මෙහිදී කියාසිටියේ. ඊට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙසද එම ධීවරයින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ඉල්ලා සිටියා. ඊට කඩිනම් විසදුම් ලබාදීම කෙරෙහි දැඩි අවධානය යොමුකරමින් පියවර රැසක් ගෙන ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම නීතිවිරෝධී මසුන් ඇල්ලීම් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගන්නා බවද මෙහිදී අවධාරණය කළා.

 

 

The post විදෙස් යාත්‍රාවලින් මෙරට මුහුදු තීරයේ සිදුකෙරෙන මසුන් ඇල්ලීම් නතර කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG