Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් දාහත් දහසකට වැඩි පිරිසක් විදේශ අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙයි  

Add comments

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් දාහත් දහසකට වැඩි පිරිසක් විදේශ අමාත්‍යාංශයේ ලියාපදිංචි වුණා. ඒ කන්ටැක්ට් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන යටතේ.

මැදපෙරදිග කලාපයෙන් පුද්ගලයන් 6773 දෙනෙක් ලියාපදිංචිවී තිබෙනවා. යුරෝපා කලාපයෙන් ලියාපදිංචිවී ඇති සංඛ්‍යාව 1892 ක්. ශ්‍රී‍්‍ර ලංකාවට නැවත පැමිණීම සම්බන්ධයෙන් පුද්ගලයන් 700 කට වැඩි පිරිසක් ඉල්ලීම් කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේවෙතත් කොරෝනා අවදානම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂාතිව රැඳීසිටින ලෙසටත් ඉල්ලීමක් කරන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යයන කටයුතු සඳහා වෙනත් රටවලට ගොස් සිටින සිසුන් සම්බන්ධයෙන් ද අවධානය යොමුවුණා. ශ්‍රී‍්‍ර ලංකා දූත මණ්ඩල මගින් ඔවුන් පිළිබදව සොයා බැලීමටයි පියවර ගෙන තිබෙන්නේ. අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මැදිහත්ව කටයුතු කරන බවත් විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

The post විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් දාහත් දහසකට වැඩි පිරිසක් විදේශ අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG