රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ පිරිසට පත්වීම් ලිපි බෙදා හැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ඇති රැකියා අපේක්ෂිතයන්ට මෙහිදී පත්වීම් පිරිනැමෙනවා. අයදුම්කරුවන් පත්වීම් ලැබී දින තුනක් ඇතුළත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතු වනවා. වසරක පුහුණු කාලය තුළ රුපියල් 20000 ක දීමනාවක් හිමිවන අතර ඉන් පසු රජයේ ස්ථිර සේවයට ඔවුන් යොමු කෙරෙනවා. පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05 ක් සේවය කිරීමද අනිවාර්ය වනවා.
The post රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදා හැරීම අවසන් අදියරට appeared first on ITN News.
Post a Comment