Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඥානසාර හිමිට ජනපති සමාව ලබා දීම අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීමට දින දෙයි  

Add comments

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඩුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට අධිකරණය ලබා දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පිළිබද පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගැනුනා.

ඥාණසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. ඊට එරෙහිවයි මෙම විරෝධතා ගොනුකර තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඒ මහතාගේ පෞද්ගලික නීතීඥවරයෙකු වන ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියා. පෙත්සම්වල වග උත්තරකරු ලෙසට නම්කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සති තුනක කාලයක් ලබා දී තිබෙනවා. පෙත්සම් ගොනුකර තිබුණේ අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. මෙම පෙත්සම් ජූනි මස 26 වනදා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

 

 

The post ඥානසාර හිමිට ජනපති සමාව ලබා දීම අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීමට දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG