Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලිය නව නිරෝධායන රතු කලාපයක් ප‍්‍රකාශයට පත්කරයි  

Add comments

නව නිරෝධායන රතු කළාපයක් ප‍්‍රකාශයට පත් කිරිමට ඉතාලිය තීරණය කළා.

කොරෝනා වෛරසය ව්‍යප්තිය ඉහළ යාමයි ඊට හේතුව. සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙල කඩිනමින් කි‍්‍රයාත්මක කරන බවයි ඉතාලි බලධාරින් පවසන්නේ. යුරෝපයේ වෛරසය වැඩි වශයෙන්ම ව්‍යප්ත වූ රට ලෙසටයි ඉතාලිය සැලකෙන්නේ. නගර කිහිපයකට ඇතුළුවීම තාවකාලිකව නතර කිරිමටත් ඊට පෙර ඔවුන් කටයුතු කළා.

දෛනික ජන ජීවිතයට ද බලපෑම් එල්ලවි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. නිෂ්පාදන කළාප ද ඊට අයත්. පාසල් වසා දැමීමට බලධාරින් තීරණය කළා. විලාසිතා සංදර්ශන සහ විවිධ තරඟ ඉසව් ද අවලංගු කර තිබෙනවා. මහජනතාව ගැවසෙන ස්ථාන වලදි අතට අත දීම හෝ එකිනෙකා වැළඳ ගැනිමෙන් වළකින ලෙසටයි සෞඛ්‍ය බලධාරින් උපදෙස් ලබා දුන්නේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවිමක් ද නිකුත් කළා. ඒ කොරෝනා වෛරසයට එරෙහිව ප‍්‍රතිකාර සෙවීම සදහා අවශ්‍ය උපකරණවල හිඟයක් පවතින බව දැනුම් දෙමින්. ලොවපුරා එම ගැටලුව මතුව ඇති බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ.

 

The post ඉතාලිය නව නිරෝධායන රතු කලාපයක් ප‍්‍රකාශයට පත්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG