Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු තේරිම් භාර නිලධාරින් හෙට කොළඹට  

Add comments

සියලු තේරිම් භාර නිලධාරින් හෙට (05) මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

මේ අතර මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම ලබන සදුදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා. 16වනදා දක්වා අයදුම්පත් භාර ගැනිමටයි නියමිත. එම කාලය කිසිදු ආකාරයකින් දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.

මැතිවරණයට අදාල ගැසට් නිවේදන හතරක් ද නිකුත් කිරිමට පියවර ගත්තා. ඡන්ද ලකුණ පිළිබද ගැසට් නිවේදනය තේරිම් භාර නිලධාරින්ගේ නාමලේඛනය , එක් එක් දිස්ති‍්‍රක්කයේ අපේක්ෂක සංඛ්‍යාව සහ ඇප මුදල් සම්බන්ධ ගැසට් නිවේදන ඒ අතර වන බවයි මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කළේ.

ලේකම්වරුන් සම්බන්ධයෙන් ගැටලු සහිත පක්ෂ හයක නියෝජිතයන් සාකච්ඡා සදහා කැඳවා ඇති බවද මැතිවරණ කොමිසම සදහන් කළා.

The post සියලු තේරිම් භාර නිලධාරින් හෙට කොළඹට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG