ඇමෙරිකාව සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුම එළඹි පැය 24 ක් ගත වීමටත් පෙර ඇෆ්ගනිස්ථානයේ සිටින හමුදා ඉවත් කර ගැනීම අද සිටම ආරම්භ කරන බව ඇමෙරිකා ජනාධිපලතිවරයා පවසනවා.
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී මෙම ගිවිසුම අත්සන් කෙරුණා. ඒ අනුව මාස 14ක කාලයක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ සංවිධානයේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සිදු කෙරෙනු ඇති. එමෙන්ම එමකාල සීමාවේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ සාම සාකච්ඡාද පැවැත්විය යුතුයි. දින 135ක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන් දහසෙන් අටදහස් හයසීයක් ඉවත් කර ගැනීමට නියමිතයි. කෙසේ නමුත් ධවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ තම හමුදා වහාම ඉවත් කර ගන්නා බවයි. ඊයේ අත්සන් තැබූ ගිවිසුම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ කලෙයිබාන් සංවිධානය ගිවිසුම උල්ලංඝනය කළොත් ඇමෙරිකා හමුදා නැවතත් ඇෆ්ගනිස්ථානයේ ස්ථාපනය කරන බවයි.
මේ අතර ගිවිසුම හරහා ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සමාජිකයින් දහසක් මෙම අගෝස්තු මාසයේදී නිදහස් කිරීම සිදුවනවා. ඇෆ්ගනිස්ථාන රජය සතුව ද තලෙයි බාන් හමුදා රඳවා තිබෙන අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ගානි සඳහන් කරන්නේ මෙම ගණුදෙනුවට අනුව තමන් යටතේ සිටින තලෙයිබාන් සිරකරුවන් නිදහස් කිරීමට තම රජය පොරොන්දු වී නැති බවයි.
The post ඇෆ්ගනිස්ථානයේ සිටින විදෙස් හමුදා වහාම ඉවත් කරන බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment