පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගතුන් නොව රටට ආදරය කරන බුද්ධිමතුන් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
කරුණා සමාධි සංවිධානය වාර්ෂිකව සංවිධාන කරන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය රත්මලේ පුඤ්ඤාරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙනුයි එම කටයුතු සංවිධාන කෙරුණේ. මෙහිදී විශේෂ ආරාධිත දේශනය සිදු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේයි.
The post පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටට ආදරය කරන බුද්ධිමතුන් appeared first on ITN News.
Post a Comment